අවතාරය ...
අවතාරය .. දිවයිනේ නොයෙකුත් පලාත්වල සේවය යෙදී හුන් "සදාර් සාජන්" මහත්තයාගේ මෙවර නවාතැන වුයේ වෑතරය.එය පිළියන්දල ,හොරණ ප්රධාන මාර්ගයේ පිහිටි ගමකි.එවකට දරුවන් සතර දෙනෙකුගේ දායාබර පියෙක් වූ සදාර් සාජන් මහත්තයාගේ දායාබර බිරිය වුයේ"රාණිය".ඔහු ඇයට ආදරේට කිවේ "මමී" කියාය. හැටේ දශකයේ මුල්ම කාලයේ වන මෙම වකවානුව තුල වෑතර යනු දුෂ්කර පලාතකට සමානය.අඩුපහසුකම් වලින් හෙබි මෙම ගම තුල සාජන් මහත්තයාගේ සිත් තැවුලකට යම් හෙතුවක් වී නම් ඒ ගොම්මන් යාමයට මත්තෙන් අවට බැහැගන්නා අදුරය.රාත්රිය වන විට අවට පරිසරය කෑලී කපන අදුරේන් වැසී යන අතර ඒ කට්ට අදුර යන්තම් හෝ මකාලන්නට සමත් වන්නේ භූමිතෙල් කුප්පි ලාම්පුවක් පමණි. රුපියල් විසිපන්දාහක් හෝ තිහක කූලී පදනම මත ලබාගත් මෙම නිවස පැරණි වලව්වක හැඩයෙන් යුක්තය.පඩි දෙකක් ඉහලට නැගගත් කල ඇති එළිමහන් කොටස මත රජකාලේ හන්සි පුටුවකි.එය නිවසේ ඉදිරිපස කොනක කෙටි තාප්පය අසළ තිබේ.නිවසේ හිමියා පැවසුවේ එය තමා පාවිච්චි කරන පුටුව බවත් එය තැබීමට ගැළපෙන එකම තැන මෙතැන බවත් තමන් පදිංචි වන තාවකාලික කාලය තුල එය මෙසේ තිබුනාවේ යැයි ඔහු සාදර් සාජන් මහත්තයාට පවසා තිබ...