මොනවද මේ කොරල්පර


කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ. කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා ඇල්ගි වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා කැල්සියම් කාබනේට් බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල වෙනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. 

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රථම පරිගණක ක්‍රමලේකිකාව

හිමියනි