අවතාරය ...

අවතාරය ..

දිවයිනේ නොයෙකුත් පලාත්වල සේවය යෙදී හුන් "සදාර් සාජන්" මහත්තයාගේ මෙවර නවාතැන වුයේ වෑතරය.එය පිළියන්දල ,හොරණ ප්‍රධාන මාර්ගයේ පිහිටි ගමකි.එවකට දරුවන් සතර දෙනෙකුගේ දායාබර පියෙක් වූ සදාර් සාජන් මහත්තයාගේ දායාබර බිරිය වුයේ"රාණිය".ඔහු ඇයට ආදරේට කිවේ "මමී" කියාය.

හැටේ දශකයේ මුල්ම කාලයේ වන මෙම වකවානුව තුල වෑතර යනු දුෂ්කර පලාතකට සමානය.අඩුපහසුකම් වලින් හෙබි මෙම ගම තුල සාජන් මහත්තයාගේ සිත් තැවුලකට යම් හෙතුවක් වී නම් ඒ ගොම්මන් යාමයට මත්තෙන් අවට බැහැගන්නා අදුරය.රාත්‍රිය වන විට අවට පරිසරය කෑලී කපන අදුරේන් වැසී යන අතර ඒ කට්ට අදුර යන්තම් හෝ මකාලන්නට සමත් වන්නේ භූමිතෙල් කුප්පි ලාම්පුවක් පමණි.

රුපියල් විසිපන්දාහක් හෝ තිහක කූලී පදනම මත ලබාගත් මෙම නිවස පැරණි වලව්වක හැඩයෙන් යුක්තය.පඩි දෙකක් ඉහලට නැගගත් කල ඇති එළිමහන් කොටස මත රජකාලේ හන්සි පුටුවකි.එය නිවසේ ඉදිරිපස කොනක කෙටි තාප්පය අසළ තිබේ.නිවසේ හිමියා පැවසුවේ එය තමා පාවිච්චි කරන පුටුව බවත් එය තැබීමට ගැළපෙන එකම තැන මෙතැන බවත් තමන් පදිංචි වන තාවකාලික කාලය තුල එය මෙසේ තිබුනාවේ යැයි ඔහු සාදර් සාජන් මහත්තයාට පවසා තිබුනෙන් සාජන් මහත්තයාද සිතුවේ එය තමන්ටද අපූරූ වින්දනයක් ගෙන දෙනු ඇතැයි කියාය.ඒ අනුව ඔහුද නිවසේ සිටින විවේකී මොහොතක වැඩී කාලයක් මේ පුටුවට බරදී මෙයට යාර සියයකට පමණ එහායින් දිවෙන කොළඹ -හොරණ මාර්ගය දෙස බලා සිටිමින් අමුතු වින්දනයක් ලැබීය.

සමහරදාට එම රාජකාරිය ඉටු කරන්නේ ඔහුගේ බිරිය රාණිය.ඔහු නිවසට ඒමට ප්‍රමාද වන මොහොතේ පටන් ඔහු නිවසට එන තුරුත් ඇය මත දරු පැටවුන් නින්දට යවා මේ පුටුවට බරදී සිටින්නේ ඔහු එනතුරුය.මේ ආරම්භ වන්නේ ඔවුන් වෑතරට පදිංචියට පැමිණ දෙවෙනි සතියයි.ඒ වගේම සදාර් සාජන් මහත්තයාගේ රාත්‍රි දහයට අවසන් වන වැඩ මුරයයි.එදා අද මෙන් පැය අටේ-දොළහේ වැනි වැඩමුර තිබුනේ නැත.තිබුණේ රෑ වැඩ ,දවල් වැඩ කියා වැඩමුර දෙකකි.එහෙත් සාජන් මහත්තයාට රෑ වැඩ කිරීමට අපහසු වුයේ කුඩා දරුවන් සතර දෙනෙකුත් සමග තම තරුණ බිරිය නාන්නාදුනන පළාතක පාලු වත්තක් මැද නිවසක තනියම රාත්‍රිය ගත කීරීම නිසාය.ඒ අනුව ඔහු තමන්ට සේවය කළ හැකි උපරිම කාලයක් සේවය කිරිමට විශේෂ අවසරයක් තම් ඉහළ නිළධාරියාගෙන් ලබාගෙන තිබුණි.

සාජන් මහත්තයා වැඩ ඇරී නිවසට එමින් සිටියේය.තම පොලිස් ස්ථානයේ සිට නිවසට ඒමට සැතපුම් තුනක් පමණ දුරක් තිබූ අතර ඔහු ඒ දුර සමහරදාට ගෙවා එන්නේ පයින්ය.ඔහු නිවස ආසන්නයට එන විට රාත්‍රි එකොළහ පසුවී තිබෙන්නට ඇත.ඔහු ඈත තියාම දුටුවේ තම ආදරණීය බිරිද ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට බරදී පාර දෙස බලා සිටින අයුරකි.නමුත් ඇය කෙරෙහි ඔහුට පුංචි කේන්තියක් දැනුනේය.මන්දයත් කුප්පි ලාම්පුවක්වත් තමන්ගේ  තනියට ලග තබා නොගැනීම ගැනය.සාජන් මහත්තයා ඇය අසළට ළං වන්නට යාර කිහිපයක් තිබියදී "මමී" යනුවෙන් ඇමතුවේය.එහෙත් ඇය කිසිත් නොදොඩා හාන්සි පුටුවෙන් නැගිට පිළිකන්න දෙසට ගමන් ගත්තාය.ඒ සමගම අවට පැතිර ගියේ "සදුන් සුවදකි".සාජන් මහත්තයා දෙනෙත් පොඩිකර නැවත අවට විපරම් කළේය.වවුලකු සට...සට...ගා එහා මෙහා දිවෙන හඩක් මිස අමුත්තක් දැනුනේ නැත.

ඔහු දොරට ගැසුවේය.ඔහුගේ බිරිය පැමිණ දොර ඇරියාය.කිසිදු අමුත්තක් පෙනෙන්නට නැත.ඔහු කිසිත් නොදොඩා පසුවදා පටන් ඉස්තෝප්පුවේ කෙටි බිත්තිය මත භූමිතෙල් ලාම්පුවක් තබන ලෙසට තම බිරියට නියෝග කළාය.තවත් දින කිහිපයක් ගත විය.හැලහොල්මනක් නැත.සාජන් මහත්තයාට සිතුනේ තමන්  මනස්ගාතයක් දකින්නට ඇතැයි කියාය.සැනසුම් සුසුම් හෙලු ඔහු තම රාජකාරිය කොට නිවසට එමින් සිටියේය.එදින ලාම්පුව නීවී තිබිණි.ඔහු එකවරම බැලුවේ හාන්සි පුටුව දෙසය.ඔහුගේ සියොළඟම දහදියෙන් තෙත්ව ගියේය.කවුරුන් හෝ හාන්සි පුටුව මත වාඩී වී සිටියේය.ඔහු පත අඹ ගසට මුවා වුවාය.විනාඩි කිහිපයකින් බලා සිටියේ  වන්නේ කුමක්ද කියාය.

තවත් දින දෙක තුනකින් පොහොය ලබන නිසාදෝ හද එළිය යන්තමින් ඒ  මේ අත එළිය කරමින් සිටියේය.ගස් අතු අතරින් ඉස්තෝප්පුව දෙසට කඩා වැටුනු සිහින් සද එළිය අමුත්තාගේ රුව දර්ශනය කළේය.ඇදුමෙන් පැළදුමෙන් පමණක් නොව පස්සට පීරා කරුංකා  ගෙඩියක් තරමට බැද තිබූ කොණ්ඩයට ඉහළින් කුඩා දිස්නයක් පෙන්නුම් කළ ඉත්තෑ කූරූ පනාවක් හා කලුවරේ වුවද මුහුණ හරහා ඇදී ගොස් තිබු පත රැවුල නියමාකාර ලෙසම ඔහු ආරච්චිල හැඩයක් ගෙන තිබුනි.සාජන් මහත්තයාට තවත් හිතන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත.ආරච්චිල හැඩයක් ගත් අමුත්තාත්,තමන් පදිංචිව සිටින වලව්වක හැඩය ගත් මෙම නිවසත් අතර සම්බන්ධය තවත් තේරුම්කර ගත යුතුව තිබුනේ නැත.නියත වශයෙන්ම මේ වලව්වේ අයිතිකාරයාගේ හොල්මන බව ඔහුට සිතුනේය.ඒ ක්ෂණයකින් බිමට නැමී අතට ගත් වැලි අහුර වෙත යමක් මැතිරූ ඔහු එයට කෙළ බෙට්ටක් ගසා අවතාරය දෙසට දමා ගැසුවාය.අවතාරය නොපෙනී ගියේය.

අඩියට දෙකට නිවසට ගොඩවූ සාජන් මහත්තයා දොරට පතබෑවේය.එහෙත් වෙනදා වේගයෙන් දොර ඇරුණේ නැත.විනාඩි කිහිපයකින් පසු ගැහෙන සිරුරෙන් යුතුව බිරිය පැමිණ දොර ඇරියාය.

"ම.....මමී ...!ඔයා බය වුනාද...?

මීට විනාඩි කිහිපයකට කලින් ඇය දරුවන් නිදිකරවා එළියේ තබන ලාම්පු කුප්පිය පත්තු කරන්න හැදුවා පමණි."චුරුස්" හඩක් ඇයට ඇසුනේ පිළිකන්න දෙසිනි.එය යමෙකු බුලත් කෙළ ගසන හඩට සමානය.ඒ සමගම පිළිකන්න දෙස සිට ඉදිරියපසට යමෙකු ගමන් කරන අඩි ශබ්දයක් ඇයට ඇසී තිබේ.එය නතර වුනේ තම ගෙපිළට ගොඩ වීමෙනී.

ගතටත් ,සිතටත් දිරිය ගත් ඇය යතුරු හිලෙන් ඉස්තෝප්පුව දෙස බැලුවෙය.පිළිකන්නේ සිට පැමිණි රුව නිවසේ ඉදිරිපස ඇති හාන්සි පුටුවට බරදී දෙපා ඔසවා පුටුවේ ඇදී දෙක මත දිගහැර තේජසින් යුතුව පාර දෙස බලා සිටියේය.කුප්පි ලාම්පුවවත් තබා ගන්නට නොහැකිව ඇය බීරාන්තව බලා සිට ඇත්තේ සාජන් මහත්තයා මේ අවතාරය දැක බිය වන්නට හැකිනෝවේදැයි සිතමින්ය.එහෙත් සාජන් මහත්තයාට හොල්මන් අවතාර අමුතු දේවල් නොවේ.

ඔහු සිතුවා සේම මේ සැරිසරන්නේ මෙම වළව්වේ අයිතිකාරුවාය.දැන් මේ වළව්ව අයිති ඔහුගේම පුතකුට වුවත් ,ඔවුන්ටද මේ දසුන අමුත්තක් නොවේ.බැරිම තැන ඔවුන් මෙම වළව්ව පාලුවට අතහැර දමා ටික කලක් ගතවූ නිසාය.පොඩි දේකටත් උරණ වූ ඔහු ඒ වෙනුවෙන් දැඩි දඩුවම් පමුණුවන්නේය.


මීට කලින් පදිංචිව සිටි පවුලේ කෙනෙක් මෙම හාන්සි පුටුව නිවස පිටුපස දර මැස්ස ලගතබා විත් අපූරූ දඩුවමක් වින්දේය.ඒ රාත්‍රියේ ඇති වූ ශරීර තිබුණි.ඊට පසු පවුල් කිහිපයක් සදහා කූලී පදනම මත බාරදී තිබුණත් හාන්සි පුටුව නම් තමන් ලගට ගෙන ගියේ නැත්තේ තමන්ගේ නීසාය.

අවශ්‍යතාව කියා එළියට ගිය ඔහු කිසිදු හේතුවක් නොමැතිව රෑ එළිවන තුරා එම පුටුව මත දිගාවී සිටිමය.තවත් දිනක් ඔහු ඉස්තෝප්පුවේ හාන්සි පුටුව මත දිගාවී සිටියේ තරමක් බමන මතිනි.ඒ හේතුවෙන් ඔහු නින්දට වැටුණේය.එහෙත් රාත්‍රියේදී නිවැසියන්ට "දඩාස්"ගාන හඩක් ඇසුනු නිසා ඔවුන් දොර ඇර බලන විට ඒකී පුද්ගලයා සිටියේ හාන්සි පුටුවට අඩි කිහිපයක් එහාට විසි වී ගොසින්ය.ඔවුන්ද මෙම නිවස අතහැර දමා දිව්වේ සියැසින්ම ආරච්චිල අවතාරය දැකීම නිසාය.

අද එම ස්ථානයේ සුවිසල් මන්දිර පවා තැනී ඇත.ජනවහරේ පැවතෙන්නේ වස්තු දේපල තණ්හා ඇත්තවුන්ගේ මිය ගිය ප්‍රාණය මෙසේ මළපේරේතයින්ගේ වෙස් ගෙන කල්ප කලාන්තරයක් තිස්සේ වුවද හොල්මන් වැඩ කරන්නට හැකියාව ඇතු බවය.එහෙත් දැන් හොල්මන් වලට ඇති තැන බිංදුවට බැස ඇත.ඒ පසුගිය කාලවකවානුව තුල සිදු වූ මිනිස් සංහාරය නිසා විය යුතුය.

විනාඩියෙන් විනාඩිය ,අඩියෙන් අඩිය මළමීනී උඩින් ගමන් ගිය අපිට අද හොල්මනකට තියා මහසොහොනාටවත් බය සිතෙන්නේ නැත.

එහෙත් මෙකී සිදුවීම් බොහොමයක් හෝ සියල්ලක්ම පාහේ අතීතයේ සිදුවීම් ලෙස අතීතයට බැර කිරීමට හැකියාවක් නැත.තම දේපළ අතහැර දමා යාමට කැමැත්තක් ඒ ගෘහය වටා,නැතිනම් ඒ භූමිය වටා සැරිසරන මියගිය ප්‍රාණකාරියක් ගැන මා මීට මාස කිහිපයකට පෙර අසා දැනගත්තේ ඒකී අයගේම පවුලේ උදවියන්ගෙන්ය.එබැවින් හොල්මන් අවතාර ගැන කතා කිරිම පවා විහිලුවකට ගන්නා සමාජයක් තුළ හොල්මන් වැඩ නොකළත් මළගිය ප්‍රාණකරුවන් සැරිසරන්නට ඇති ඉඩකඩ නම් තවමත් නැත්තේ නොවේ යන්න පසක් වන්නේ මෙකී සිදුවීම් පමණක් නොව පසුගිය කාලය තුළ වාර්තා වූ විවිධ සිදුවීම් හරහාය.


HS/2016/0248
E.A.P.S.Edirisinghe
Traditional communication...


Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රථම පරිගණක ක්‍රමලේකිකාව

හිමියනි