Posts

Showing posts from July, 2019

මානසික රෝග....ගැන බලමුද....

Image
සුවබර ජීවිතයක් සඳහා කායික මෙන්ම යහපත් මානසික තත්ත්වයද අත්‍යවශ්‍ය වේ. සමාජයේ බොහෝ පිරිසක් විවිධාකාරයේ මානසික ගැටළු වලින් පීඩා විඳියි. තමන් මානසික ගැටළුවලින් පීඩා විඳිනබව නොදැන සිටීම සහ එය හෙළි කිරීමට දක්වන නොකැමැත්ත හේතුවෙන් මෙවැනි ගැටළු තව තවත් උග්‍ර වේ. තවත් පිරිසක් එය කරුමය හෝ නොපෙනෙන බලවේගයක ක්‍රියාවක් ලෙස සිතා මිත්‍යා විශ්වාස පසුපස හඹායාම හේතුවෙන් ජිවිත විනාශ කරගනියි. මානසික ගැටළු ආශ්‍රිතව පවතින සැළකිය යුතුම කරුණ වන්නේ මෙය අනිකුත් කායික රෝගයක් සේම වෛද්‍ය ප්‍රතිකාර තුලින් සුවපත් කර ගැනීමට හැකිවීමයි. මානසික රෝග හා ගැටළු යනු? මිනිසාගේ සිතුවිලි සහ ක්‍රියාකාරකම් හෙවත් චර්යාවන්හි ඇතිවන අසාමාන්‍ය, එදිනෙදා ජිවිතයට කරදරකාරී වන වෙනස්වීමක් මානසික රෝග හෝ මානසික ගැටළු ලෙස සරලව හැඳින්විය හැක. මෙයින් මානසික රෝග සුවපත් කිරීමට සහ පාලනය කිරීමට මනෝ වෛද්‍ය සහ ඖෂධිය ප්‍රතිකාර අවශ්‍ය වේ. මානසික ගැටළු සුවපත් කිරීමට ඖෂධ ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවන අතර උපදේශනය සහ වෙනත් මනෝ ප්‍රතිකාර මගින් බොහෝ මානසික ගැටළු සුවපත් කල හැක. සුලබ මානසික රෝග   විශාදය(මානසික අවපීඩනය - Depression) ජීවිතය...

ගැහැනු රවටන පිරිමින්ගේ මායම් බලමුද

Image
ගෑනුන්ගේ 64 මායම් ගැන කතා නොකරන කෙනෙක් සමාජයේ නැති තරම්. ගෑනු කෙනෙක් මොන දේ කලත් අපෝ ඒ ගැනිගේ මායම් කියලා කියනවා කව්රුත් අහලා ඇති. මේ මායම් ගැන කියලා තියෙන්නේ පුරාණයේ හිටපු ඍෂිවරු. මායම් ගැන කියන්නේ දේහ ලක්ෂණ විද්යාව පදනම් කරගෙන. දේහ ලක්ෂණ කියන දේ ස්ත්රීන්ට වගේම පුරුෂයින්ටත් පොදුයි. ඉතින් ඒකෙන්ම පැහැදිළි වෙනවා මායම් කියන දේ ගෑනුන්ට වගේම පිරිමින්ටත් පොදුයි කියන එක. හැබැයි ඒ කාලේ ඉඳලම ස්ත්‍රීන්ගේ මායම් ගැන ප්‍රසිද්ධ වුනා මිසක්, පිරිමින්ගේ මායම් ගැන නම් කව්රුවත් කතා කළේ නෑ. ඒ ස්ත්‍රීන් උපතින්ම සියුමැලි, ළඳබොළඳ, සුකුමාල නිසා වෙන්න ඇති. ඒ නිසාම ස්ත්‍රීන්ගේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා ඇති අංග වල ලක්ෂණ සොයා බලන්න කව්රුත් උනන්දු වුණා. මේ විදිහට හොයා ගත්තු ස්ත්රී මායම් 64ක් තියෙනවා වගේම පුරුෂ මායම් 21ක් තියෙනවා. අපි කාටත් ජිවිතේ මුණ ගැහිලා තියෙන එක එක පිරිමින්ගේ 21ක් මායම් මෙන්න මේ විදිහට අපි කව්රුත් අත් දැකලා ඇති. කියවලා බලන්නකෝ. 01. උඩුතොල පෙරළා යටිතොල පෙන්වීම. 02. ස්ත්‍රීන්ට පෙනෙන්නට යහළුවන් සමග උසුළු විසුළු වැඩිපුර කිරීම. 03. ස්ත්‍රිය දෙස අනුරාග ලෙස බැලීම. 04. වෙනත් යුවතියක සමග කතා කරන බව...

කන්‍යාභාවය, පතිවත, ලිංගික ඊර්ෂ්‍යාව...කියවලා දැනගමු..

Image
කන්‍යාභාවය  “පිරිමින්ගෙන් බේරාගෙන පිරිමින්ටම පුදන ලෝකයේ උතුම් තෑග්ග කන්‍යාභාවයයි.” කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක. තමා යනු තවත් කෙනෙක්ට පූජා කල හැකි තෑග්ගක් හෝ බඩුවක් කියලා හිතන කාන්තාවන් තමාව වෙනත් කෙනෙක්ට පූජා කරගන්න. තමා ආදරය කරන කෙනා තමාව සතුටු කිරීමට සිටින තමාට අයත් බඩුවක්ය, තමා සතුවිය යුතු දේපලක්ය කියලා සිතන පිරිමින් තමාගේ ජීවන සහකාරියගෙන් තමාට ‘පූජා වීම’ බලාපොරොත්තු වන්න. මිනිසුන්ව බඩු, තෑගි, දේපල සේ නොදකින මිනිසුන්.. මිනිසුන් සේ ජීවත් වන්න. පතිවත පවුල් ජීවිතයක් තුල ඔය ‘පතිවත’ කියල අදහස් කරන එක ආරක්ෂා කිරීම (හෝ නොකිරීම) දෙදෙනා අතර ඇති සම්මුතීන් වලින් තවත් එක් සම්මුතියක් පමණකි. ලිංගිකත්වය යනු මානුෂිය සබඳතා වල තවත් එක් අංගයක් පමණක් වන අතර ඒ සම්බන්ධවද එක් එක් යුවලවල් වලට සාපේක්ෂව ඔවුනොවුන් අතර එකඟතා හා සම්මුතීන් ඇත. එය රැකීම හෝ කඩ කිරීම අනෙක් සම්මුතීන් රැකීම සහ කඩකිරීම හා සැසඳිය හැක. මෙම සම්මුතිය කඩකිරීම එකඟතාවයකට පිටින් යෑම, විශ්වාසය බිඳ වැටීමක් පමණක් වන අතර එවන් දෙයකින් ...

මතකයා හා ළමයා...❤️❤️

Image
දරුවා විදුලි වේගයෙන් ගේ පුරා දුවමින් විනෝද වන විට “හනේ පැටියාට මේ සෙල්ලම් කවදාහරි මතක තියේවිද?” ඔබ සිතනා වාර අනන්තයි නේද? දරුවා කරේ තියන් ගේ පුරා, මිදුල පුරා ‘ලුණු ලුනූ’ සෙල්ලම් කල හැටි දරුවාට කවදා හෝ මතක තියේවිද? නැතිනම් මයාවකින් වගේ මේ සියළු සුන්දර මතකයන් බොඳ වී යාවිද? සමහර විට මේ  ‘දරුවාගේ මතකය තියේවිද’  යන්න ගැන ප්‍රශ්නයක් නොවන්නට පුළුවන්. නමුත් මේවා  දරුවාට මතක් වන්නට පටන් ගන්නේ කවදාද  යන්න පිළිබඳව ප්‍රශ්යනයක් විය හැක. ළදරුවන්ට සියළු දේ අමතක වන බව අපි දන්නා කරුණක්. නමුත් මෙම දිගු කාලින මතකයන් දරුවාගේ ජිවිතයේ අවදි වන්නට පටන් ගන්නේ කවදාද? දරුවාගේ මතකය කුමක් වැනිද? මතකය යනු සංකීර්ණ දෙයක් වන අතර විවිධ වර්ග වලින් සමන්විත වේ. පටිපාටික මතකය ( Procedural memory ): මෙම ලිපිය ලිපිය ටයිප් කර ගැනීමට උදව් කිරීමට මගේ ඇඟිලි උදව් වන ආකාරයේ මතකයක්. ප්‍රකාශිත මතකය ( Declarative memory ): මෙම වර්ගයේ මතකයන් දෙකක් ආකාර දෙකකින් සමන්විත වේ. සෙමෙන්ටික මතකය (Semantic memory): සාමාන්ය දේවල් මතක තබාගන්න. මුහුද ලුණු හා ගැඹුරු නිල් පැහැයක් ගනී. එසෝඩික මතකය (Episodic...

මුහුන ලස්සන කරන සිනහව ❤️❤️❤️

Image
කවුරු හරි කෙනෙක් ලස්සන සිනහවකින් සංග්‍රහ කළොත් ඔයාගේ මුහුණෙත් පුංචි සිනහවක් මතු වෙන්නේ දන්නෙම නැතුවයි. ඔයාගේ හිතට සතුටකුත් දැනෙයි. දන්න කියන කෙනෙක් වෙන්නම ඕනෙ නැහැ අඳුරන්නේ නැති කෙනෙක් වුණත් සිනහවක් පාද්දී අපේ හිතේ හොඳ හැඟීමක් ඇති වෙනවා. මග්දලේනා එයාගේ මිය ගිය සැමියා ගැන මෙහෙම කිව්වා. “ගෙයෝග්ට තිබුණා ලස්සන හිනාවක්. එයා හිනා වෙලා මං දිහා බලද්දී මට දැනුණේ පුදුම සහනයක්. ඒ වගේම මම තනි වෙලා නැහැ කියලා ඒ හිනාව මට හැම තිස්සේම මතක් කළා.” කෙනෙක් අවංක සිනහවක් පාද්දී එයාගේ හිතේ තියෙන සතුට ඒකෙන් පේනවා. මනෝවිද්‍යාත්මක සඟරාවක මෙහෙම කියනවා. “සිනහව කියන්නේ අපිට උපතින්ම ලැබුණු දෙයක්.” ඒ සඟරාවේ තවදුරටත් කියලා තිබුණා අලුත ඉපදුණ දරුවෙකුට වුණත් “අන් අයගේ මුහුණේ දිස් වෙන හැඟීම් හරියටම තේරුම්ගන්න පුළුවන්” කියලා. ඒකේ මෙහෙමත් කියලා තිබුණා. “කෙනෙක්ගේ සිනහවකින් හුඟක් දේවල් දැනගන්න පුළුවන්. ඒ පුද්ගලයා එක්ක අපි කටයුතු කරන්න ඕනෙ කොහොමද කියන එක ගැනත් ඒකෙන් ඉඟියක් ලබා දෙනවා.”— Observer,  Association for Psychological Science. එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, මහලු අය කිහිපදෙනෙකුව සහ...

ජිවිතය ..❤️❤️

Image
ජිවිතය හරිම පුදුමාකාරයි.....වෙලාවකට අපි හිතන හැමදෙම කිසිම අඩුවක් නැතුව අපි ලැබෙනවා....වෙලාකට අපි කොච්චර උත්සහ කලත් අපි කොච්චර වෙර දැම්මත් අපිට ඔනේ තැනට අපේ ජිවිතය ගෙනියන්න බැහැ..... හැමවෙලෙවාකදිම මොකක හරි අත්දැකිමක් ගෙනත් මේ ජිවිතය සම්පුරණ කරනවා සමහර වොවට අපි හරිම ආසවෙන් මේ හැමදේම ලබාගෙන්නවා ඒත් තවත් වෙලාවකට අපිට කොච්චර දේවල් තිබුනත් මදි මදි කියලා ලෝභ කම් කරලා තවත් දහසක් ආසාවන් පස්සේ හඹා යනවා..... ඒත් අපි හැම තත්පරයක් තත්පරයක් පාසාම අපි ගෙවන මේ ජිවිතේ අත්දැකිම් අපිව සම්පුරණ කරවනවා.... ජිවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක් වෙලාවකට ජිවිතය අපිව හුගාක් සතුටු කරවනවා තවත් වෙලාවකට අපිට මහමෙරක් තරම් සතුට දුන්න අපේම ජිවිතය අපිව අඩවනවා..... අතිතය අපේ අත්දැකිම් අපිව සම්පුරණ කරනවා අනාගතය හදා ගන්න අදව් කරනවා.... වර්තමානය අතිතයෙන් ලැබෙන අත්දැකිම් වින් අපේ ජිවිතය සම්පුරණ කරනවා.... අනාගතය..... අතාගතය කියන්නේ බාපොරොත්තුවක්.....සමහර වෙලාවට අපි පතන දේ හරි යන්න පුඵවන්.සමහර වෙලාවට නොහිතන විදියට වරදින්නත් පුඵවන්..... ඒත් අත්දැකිම් වලින් හැමදේම සම්පුරණ කරගෙන ජිවිතේට සාර්...

ඒඩ්ස් ගැන බලමුද?..

Image
ඒඩ්ස් රෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නේ ලිංගික සම්බන්ධතාවලදී ය (යෝනි තරල හා ශුක්‍ර තරල මඟින්) මීට අමතරව ආසාදිත රුධිරය තැවරුණු සිරින්ජ, ඉඳිකටු වැනි තියුණු උපකරණ නැවත භාවිතයේ දී, රුධිර පාරවිලයනයේ දී හෝ ආසාදිත මවකට දාව සිදුවන දරු උපතකදී එම දරුවාට ඒඩ්ස් රෝගය ශරීර ගත විය හැක. එමෙන්ම ආසාදිත මවකගේ මව් කිරිවලද මෙම වෛරසය පැවතිය හැකිය.  මෙහිදී සිදුවන්නේ එම වෛරසය අඩංගු දේහ තරලයක් තවත් පුද්ගලයෙකුගේ ශ්ලේෂ්මල පටල සමඟ මිශ්‍ර වී, සමේ තුවාල වූ ස්ථානයකින් ඇතුල් වී හෝ සෘජුවම රුධිර ගත වීමෙන් එම පුද්ගලයා ආසාදිත තත්වයට පත් වීමයි.  රුධිරය, ශුක්‍රාණු තරලය, යෝනි මර්ග තරලය සහ මව් කිරිවල මෙම වෛරසය අන්තර්ගත වන නමුත් ඛේටය, කඳුලු, දහදියහි අන්තර්ගත නොවේ.  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයෝද ඒඩ්ස් වැළඳීමේ අවදානමක පසුවෙති. අසාදිත පුද්ගලයකුගේ රුධිරය අඩංගු තියුණු උපකරණයක් මඟින් සිදුවන හදිසි අනතුරක දී වෛරසය ශරීර ගත විය හැක. තවද ආසාදිත රුධිරය ඇස්වලට ඉසීමෙන්ද මෙය සිදුවිය හැක. නමුත් නිසි පරිදි ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය සහ සැළකිළිමත් වීම මඟින් මෙම අනතුරැ පහසුවෙන් වළක්වා ගත හැක.  අතට අතද...

පච්ච යුගය පසුකර ආ ටැටූ කලාව ..

Image
ඉස්සර නම් පච්ච ගහගෙන ඉන්න අය දිහා සමාජය දිහා බැලුවේ හොද ඇහැකින් නම් නොවේ. සමාජය ඔවුන් හැදින්වුයේ අයි.ආර්.සී කාරයෝ කියලා. තරමක් ප්‍රචන්ඩ, දරුණු අය පච්ච කොටන් ඉන්න බව මතයක් තිබුණා. නමුත් අද නම් තරමක් ඒ මතයන් වෙනස් වෙලා තිබෙනවා. ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් වල ටැටූ කලාව ඉතාමත් ජනප්‍රියයි. මේක එක්තරා කලාවක්. තම සිතැගි දේවල්, අමතක නොවන දෙයක්, තම ප්‍රියතම රූපයක් ආදීය ටැටූ ලෙස කොටා ගන්න පුළුවනි. ගොඩක් තරුණයන් තමන් ආදරේ කරන පෙම්වතියගේ නම් ගහ ගන්න කැමතියි. ඇතැම් පිරිස් ජිවිතේ එක් විශේෂ සිදුවීමක් සිහිපත් කර ගන්න ටැටූ ගහ ගන්නවා. අද වෙනකොට නම් පිරිමි අය විතරක් නම් කාන්තාවන් අතරත් ටැටූ කලාව ජනප්‍රිය වෙලා. 2වන ශත වර්ෂයේ මිසරයේ මමිවල පවා ටැටූ තිබුණු බවට පර්යේෂකයින් විසින් සොයා ගෙන තිබෙනවා. ක්‍රි.පු. 300දි පමණ පැරණි අයිස්මෑන් ඔඩිස් නැමැති ශරීර කොටස් මත පච්ච වැනි දේවල් නිර්මාණය කර ඇති තිබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා. නමුත් ලංකාවට නම් ටැටූ කලාව එන්නේ ඉංග්‍රීසින්ගේ පැමිණත් සමගයි. විශේෂයෙන්ම නාවිකයන් ලංකාවට පැමිණත් සමග තමයි ලංකාවට ටැටූ කලාව එන්නේ. ටැටූ වර්ග ගොඩක් තිබෙනවා. පොලිනේසිය...

චීන මහා ප්‍රාකාරය ...

Image
චීන මහා ප්‍රාකාරය  (මේ සඳහා යෙදෙන චීන නම් මගින් දිගු ප්‍රාකාරය හෝ  ලී  දස දහසේ (10000) ප්‍රාකාරය යන අරුත් ගෙන දේ). යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

ඇසළ පෝය වැදගත් ඇයි ?

Image
සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම. රාහුල කුමරුගේ උපත. බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම. ගණෟඩබ්බ රුක්මුල්හිදී ථීරථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම. මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම. ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම. ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම. අරිෂෟඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම. ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය. බු.ව 382 දී  දුටුගැමුණු රජු  විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම. මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ (කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය. ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.

මොනවද මේ කොරල්පර

Image
කොරල් පර  යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන  ඇරගනයිට්  ව්‍යුහයන් වේ. කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා  ඇල්ගි  වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා  කැල්සියම් කාබනේට්  බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල වෙනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අය...

සෑබැ සිංහල සිනමාවේ පළමු වෙඩිමුරය

Image
සිංහල සිනමාවේ නිල ආරම්භය විදියට සැලකෙන්නේ 1947 ජනවාරි 21 තිරගත වුණු ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය වුණාට, අපේ රටේ ‘චිත්‍රපට පෙන්වීමේ ඉතිහාසය’ නම් ලියවෙන්න පටන් ගන්නෙ ඊට ගොඩාක් කලින්. සිලෝන් තියටර්ස්, සිනමාස්, සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් වගේ සිනමා සමාගම් අතීතයේ ඉඳලම ලංකාවට විදෙස් චිත්‍රපට ගෙන්වීම සිදුකළා. ඒ චිත්‍රපටවලට ලාංකේය ප්‍රේක්ෂකයන්ගෙනුත් හිමිවුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. රසිකයන්ගේ උනන්දුව හොඳින්ම තේරුම් ගත්ත මේ සමාගම් මුල් කාලෙ ඉඳලම දකුණු ඉන්දියානු ආභාසය සහිත සිංහල චිත්‍රපට නිර්මාණය කිරීම ගැන අවධානයෙන් හිටියෙ. ‘කඩවුණු පොරොන්දුව’ හැදෙන්නෙත් එහෙම වටපිටාවක.