Posts

අවතාරය ...

Image
අවතාරය .. දිවයිනේ නොයෙකුත් පලාත්වල සේවය යෙදී හුන් "සදාර් සාජන්" මහත්තයාගේ මෙවර නවාතැන වුයේ වෑතරය.එය පිළියන්දල ,හොරණ ප්‍රධාන මාර්ගයේ පිහිටි ගමකි.එවකට දරුවන් සතර දෙනෙකුගේ දායාබර පියෙක් වූ සදාර් සාජන් මහත්තයාගේ දායාබර බිරිය වුයේ"රාණිය".ඔහු ඇයට ආදරේට කිවේ "මමී" කියාය. හැටේ දශකයේ මුල්ම කාලයේ වන මෙම වකවානුව තුල වෑතර යනු දුෂ්කර පලාතකට සමානය.අඩුපහසුකම් වලින් හෙබි මෙම ගම තුල සාජන් මහත්තයාගේ සිත් තැවුලකට යම් හෙතුවක් වී නම් ඒ ගොම්මන් යාමයට මත්තෙන් අවට බැහැගන්නා අදුරය.රාත්‍රිය වන විට අවට පරිසරය කෑලී කපන අදුරේන් වැසී යන අතර ඒ කට්ට අදුර යන්තම් හෝ මකාලන්නට සමත් වන්නේ භූමිතෙල් කුප්පි ලාම්පුවක් පමණි. රුපියල් විසිපන්දාහක් හෝ තිහක කූලී පදනම මත ලබාගත් මෙම නිවස පැරණි වලව්වක හැඩයෙන් යුක්තය.පඩි දෙකක් ඉහලට නැගගත් කල ඇති එළිමහන් කොටස මත රජකාලේ හන්සි පුටුවකි.එය නිවසේ ඉදිරිපස කොනක කෙටි තාප්පය අසළ තිබේ.නිවසේ හිමියා පැවසුවේ එය තමා පාවිච්චි කරන පුටුව බවත් එය තැබීමට ගැළපෙන එකම තැන මෙතැන බවත් තමන් පදිංචි වන තාවකාලික කාලය තුල එය මෙසේ තිබුනාවේ යැයි ඔහු සාදර් සාජන් මහත්තයාට පවසා තිබ...

මානසික රෝග....ගැන බලමුද....

Image
සුවබර ජීවිතයක් සඳහා කායික මෙන්ම යහපත් මානසික තත්ත්වයද අත්‍යවශ්‍ය වේ. සමාජයේ බොහෝ පිරිසක් විවිධාකාරයේ මානසික ගැටළු වලින් පීඩා විඳියි. තමන් මානසික ගැටළුවලින් පීඩා විඳිනබව නොදැන සිටීම සහ එය හෙළි කිරීමට දක්වන නොකැමැත්ත හේතුවෙන් මෙවැනි ගැටළු තව තවත් උග්‍ර වේ. තවත් පිරිසක් එය කරුමය හෝ නොපෙනෙන බලවේගයක ක්‍රියාවක් ලෙස සිතා මිත්‍යා විශ්වාස පසුපස හඹායාම හේතුවෙන් ජිවිත විනාශ කරගනියි. මානසික ගැටළු ආශ්‍රිතව පවතින සැළකිය යුතුම කරුණ වන්නේ මෙය අනිකුත් කායික රෝගයක් සේම වෛද්‍ය ප්‍රතිකාර තුලින් සුවපත් කර ගැනීමට හැකිවීමයි. මානසික රෝග හා ගැටළු යනු? මිනිසාගේ සිතුවිලි සහ ක්‍රියාකාරකම් හෙවත් චර්යාවන්හි ඇතිවන අසාමාන්‍ය, එදිනෙදා ජිවිතයට කරදරකාරී වන වෙනස්වීමක් මානසික රෝග හෝ මානසික ගැටළු ලෙස සරලව හැඳින්විය හැක. මෙයින් මානසික රෝග සුවපත් කිරීමට සහ පාලනය කිරීමට මනෝ වෛද්‍ය සහ ඖෂධිය ප්‍රතිකාර අවශ්‍ය වේ. මානසික ගැටළු සුවපත් කිරීමට ඖෂධ ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවන අතර උපදේශනය සහ වෙනත් මනෝ ප්‍රතිකාර මගින් බොහෝ මානසික ගැටළු සුවපත් කල හැක. සුලබ මානසික රෝග   විශාදය(මානසික අවපීඩනය - Depression) ජීවිතය...

ගැහැනු රවටන පිරිමින්ගේ මායම් බලමුද

Image
ගෑනුන්ගේ 64 මායම් ගැන කතා නොකරන කෙනෙක් සමාජයේ නැති තරම්. ගෑනු කෙනෙක් මොන දේ කලත් අපෝ ඒ ගැනිගේ මායම් කියලා කියනවා කව්රුත් අහලා ඇති. මේ මායම් ගැන කියලා තියෙන්නේ පුරාණයේ හිටපු ඍෂිවරු. මායම් ගැන කියන්නේ දේහ ලක්ෂණ විද්යාව පදනම් කරගෙන. දේහ ලක්ෂණ කියන දේ ස්ත්රීන්ට වගේම පුරුෂයින්ටත් පොදුයි. ඉතින් ඒකෙන්ම පැහැදිළි වෙනවා මායම් කියන දේ ගෑනුන්ට වගේම පිරිමින්ටත් පොදුයි කියන එක. හැබැයි ඒ කාලේ ඉඳලම ස්ත්‍රීන්ගේ මායම් ගැන ප්‍රසිද්ධ වුනා මිසක්, පිරිමින්ගේ මායම් ගැන නම් කව්රුවත් කතා කළේ නෑ. ඒ ස්ත්‍රීන් උපතින්ම සියුමැලි, ළඳබොළඳ, සුකුමාල නිසා වෙන්න ඇති. ඒ නිසාම ස්ත්‍රීන්ගේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා ඇති අංග වල ලක්ෂණ සොයා බලන්න කව්රුත් උනන්දු වුණා. මේ විදිහට හොයා ගත්තු ස්ත්රී මායම් 64ක් තියෙනවා වගේම පුරුෂ මායම් 21ක් තියෙනවා. අපි කාටත් ජිවිතේ මුණ ගැහිලා තියෙන එක එක පිරිමින්ගේ 21ක් මායම් මෙන්න මේ විදිහට අපි කව්රුත් අත් දැකලා ඇති. කියවලා බලන්නකෝ. 01. උඩුතොල පෙරළා යටිතොල පෙන්වීම. 02. ස්ත්‍රීන්ට පෙනෙන්නට යහළුවන් සමග උසුළු විසුළු වැඩිපුර කිරීම. 03. ස්ත්‍රිය දෙස අනුරාග ලෙස බැලීම. 04. වෙනත් යුවතියක සමග කතා කරන බව...

කන්‍යාභාවය, පතිවත, ලිංගික ඊර්ෂ්‍යාව...කියවලා දැනගමු..

Image
කන්‍යාභාවය  “පිරිමින්ගෙන් බේරාගෙන පිරිමින්ටම පුදන ලෝකයේ උතුම් තෑග්ග කන්‍යාභාවයයි.” කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක. තමා යනු තවත් කෙනෙක්ට පූජා කල හැකි තෑග්ගක් හෝ බඩුවක් කියලා හිතන කාන්තාවන් තමාව වෙනත් කෙනෙක්ට පූජා කරගන්න. තමා ආදරය කරන කෙනා තමාව සතුටු කිරීමට සිටින තමාට අයත් බඩුවක්ය, තමා සතුවිය යුතු දේපලක්ය කියලා සිතන පිරිමින් තමාගේ ජීවන සහකාරියගෙන් තමාට ‘පූජා වීම’ බලාපොරොත්තු වන්න. මිනිසුන්ව බඩු, තෑගි, දේපල සේ නොදකින මිනිසුන්.. මිනිසුන් සේ ජීවත් වන්න. පතිවත පවුල් ජීවිතයක් තුල ඔය ‘පතිවත’ කියල අදහස් කරන එක ආරක්ෂා කිරීම (හෝ නොකිරීම) දෙදෙනා අතර ඇති සම්මුතීන් වලින් තවත් එක් සම්මුතියක් පමණකි. ලිංගිකත්වය යනු මානුෂිය සබඳතා වල තවත් එක් අංගයක් පමණක් වන අතර ඒ සම්බන්ධවද එක් එක් යුවලවල් වලට සාපේක්ෂව ඔවුනොවුන් අතර එකඟතා හා සම්මුතීන් ඇත. එය රැකීම හෝ කඩ කිරීම අනෙක් සම්මුතීන් රැකීම සහ කඩකිරීම හා සැසඳිය හැක. මෙම සම්මුතිය කඩකිරීම එකඟතාවයකට පිටින් යෑම, විශ්වාසය බිඳ වැටීමක් පමණක් වන අතර එවන් දෙයකින් ...

මතකයා හා ළමයා...❤️❤️

Image
දරුවා විදුලි වේගයෙන් ගේ පුරා දුවමින් විනෝද වන විට “හනේ පැටියාට මේ සෙල්ලම් කවදාහරි මතක තියේවිද?” ඔබ සිතනා වාර අනන්තයි නේද? දරුවා කරේ තියන් ගේ පුරා, මිදුල පුරා ‘ලුණු ලුනූ’ සෙල්ලම් කල හැටි දරුවාට කවදා හෝ මතක තියේවිද? නැතිනම් මයාවකින් වගේ මේ සියළු සුන්දර මතකයන් බොඳ වී යාවිද? සමහර විට මේ  ‘දරුවාගේ මතකය තියේවිද’  යන්න ගැන ප්‍රශ්නයක් නොවන්නට පුළුවන්. නමුත් මේවා  දරුවාට මතක් වන්නට පටන් ගන්නේ කවදාද  යන්න පිළිබඳව ප්‍රශ්යනයක් විය හැක. ළදරුවන්ට සියළු දේ අමතක වන බව අපි දන්නා කරුණක්. නමුත් මෙම දිගු කාලින මතකයන් දරුවාගේ ජිවිතයේ අවදි වන්නට පටන් ගන්නේ කවදාද? දරුවාගේ මතකය කුමක් වැනිද? මතකය යනු සංකීර්ණ දෙයක් වන අතර විවිධ වර්ග වලින් සමන්විත වේ. පටිපාටික මතකය ( Procedural memory ): මෙම ලිපිය ලිපිය ටයිප් කර ගැනීමට උදව් කිරීමට මගේ ඇඟිලි උදව් වන ආකාරයේ මතකයක්. ප්‍රකාශිත මතකය ( Declarative memory ): මෙම වර්ගයේ මතකයන් දෙකක් ආකාර දෙකකින් සමන්විත වේ. සෙමෙන්ටික මතකය (Semantic memory): සාමාන්ය දේවල් මතක තබාගන්න. මුහුද ලුණු හා ගැඹුරු නිල් පැහැයක් ගනී. එසෝඩික මතකය (Episodic...

මුහුන ලස්සන කරන සිනහව ❤️❤️❤️

Image
කවුරු හරි කෙනෙක් ලස්සන සිනහවකින් සංග්‍රහ කළොත් ඔයාගේ මුහුණෙත් පුංචි සිනහවක් මතු වෙන්නේ දන්නෙම නැතුවයි. ඔයාගේ හිතට සතුටකුත් දැනෙයි. දන්න කියන කෙනෙක් වෙන්නම ඕනෙ නැහැ අඳුරන්නේ නැති කෙනෙක් වුණත් සිනහවක් පාද්දී අපේ හිතේ හොඳ හැඟීමක් ඇති වෙනවා. මග්දලේනා එයාගේ මිය ගිය සැමියා ගැන මෙහෙම කිව්වා. “ගෙයෝග්ට තිබුණා ලස්සන හිනාවක්. එයා හිනා වෙලා මං දිහා බලද්දී මට දැනුණේ පුදුම සහනයක්. ඒ වගේම මම තනි වෙලා නැහැ කියලා ඒ හිනාව මට හැම තිස්සේම මතක් කළා.” කෙනෙක් අවංක සිනහවක් පාද්දී එයාගේ හිතේ තියෙන සතුට ඒකෙන් පේනවා. මනෝවිද්‍යාත්මක සඟරාවක මෙහෙම කියනවා. “සිනහව කියන්නේ අපිට උපතින්ම ලැබුණු දෙයක්.” ඒ සඟරාවේ තවදුරටත් කියලා තිබුණා අලුත ඉපදුණ දරුවෙකුට වුණත් “අන් අයගේ මුහුණේ දිස් වෙන හැඟීම් හරියටම තේරුම්ගන්න පුළුවන්” කියලා. ඒකේ මෙහෙමත් කියලා තිබුණා. “කෙනෙක්ගේ සිනහවකින් හුඟක් දේවල් දැනගන්න පුළුවන්. ඒ පුද්ගලයා එක්ක අපි කටයුතු කරන්න ඕනෙ කොහොමද කියන එක ගැනත් ඒකෙන් ඉඟියක් ලබා දෙනවා.”— Observer,  Association for Psychological Science. එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, මහලු අය කිහිපදෙනෙකුව සහ...

ජිවිතය ..❤️❤️

Image
ජිවිතය හරිම පුදුමාකාරයි.....වෙලාවකට අපි හිතන හැමදෙම කිසිම අඩුවක් නැතුව අපි ලැබෙනවා....වෙලාකට අපි කොච්චර උත්සහ කලත් අපි කොච්චර වෙර දැම්මත් අපිට ඔනේ තැනට අපේ ජිවිතය ගෙනියන්න බැහැ..... හැමවෙලෙවාකදිම මොකක හරි අත්දැකිමක් ගෙනත් මේ ජිවිතය සම්පුරණ කරනවා සමහර වොවට අපි හරිම ආසවෙන් මේ හැමදේම ලබාගෙන්නවා ඒත් තවත් වෙලාවකට අපිට කොච්චර දේවල් තිබුනත් මදි මදි කියලා ලෝභ කම් කරලා තවත් දහසක් ආසාවන් පස්සේ හඹා යනවා..... ඒත් අපි හැම තත්පරයක් තත්පරයක් පාසාම අපි ගෙවන මේ ජිවිතේ අත්දැකිම් අපිව සම්පුරණ කරවනවා.... ජිවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක් වෙලාවකට ජිවිතය අපිව හුගාක් සතුටු කරවනවා තවත් වෙලාවකට අපිට මහමෙරක් තරම් සතුට දුන්න අපේම ජිවිතය අපිව අඩවනවා..... අතිතය අපේ අත්දැකිම් අපිව සම්පුරණ කරනවා අනාගතය හදා ගන්න අදව් කරනවා.... වර්තමානය අතිතයෙන් ලැබෙන අත්දැකිම් වින් අපේ ජිවිතය සම්පුරණ කරනවා.... අනාගතය..... අතාගතය කියන්නේ බාපොරොත්තුවක්.....සමහර වෙලාවට අපි පතන දේ හරි යන්න පුඵවන්.සමහර වෙලාවට නොහිතන විදියට වරදින්නත් පුඵවන්..... ඒත් අත්දැකිම් වලින් හැමදේම සම්පුරණ කරගෙන ජිවිතේට සාර්...